Spread the love

හෙට පෙරවරු නවයට පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාසය හමුවට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතාට නියෝග කර තිබේ.

මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනා අභයවික්‍රම මහත්මිය මෙම නියෝගය නිකුත් කර ඇත.

ඇය මෙම නියෝගය නිකුත් කළේ මතභේදාත්මක එන්නත් ගණුදෙනුව සම්බන්ධයෙන් වන නඩුව කැදවූ අවස්ථාවේ සිදු කරන ලද පරීක්ෂණවලට අදාළව නීතිපතිවරයා විසින් සිදු කරන ලද ඉල්ලීමක් සලකා බලමිනි.

එමෙන්ම කෙහෙලිය රඹුක්වැල්ල මහතාට රටින් පිටවීම තහනම් කරමින් වාරන නියෝගයක්ද නිකුත් කර ඇත.