මෙතෙක් කල් සිටි පාලකයින් සිදුකර ඇත්තේ රටේ ජනතාව රැවටීමට ලක් කර, මහජනයාගේ ධනයෙන් විරාජමාන ලෙස වැජඹෙමින් සිටීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
තමන් මැතිවරණයේදී හිටපු ජනාධිපතිවරුන්ට නිවෙස් ලබා නොදෙන බවට පොරොන්දු වූ බවත් තමන්ට නිවෙසක් අවශ්‍ය නොවන බවට ලිපියක් භාරදෙන බවයි කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.
තමන් පසුගියදා රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව මඟින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයේ නිවසෙහි වටිනාකම තක්සේරු කළ බවත් ඉඩමෙහි තක්සේරුව නොමැතිව නිවසේ තක්සේරුව අනුව මාසික කුලිය ලක්ෂ 46 ක් බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
නමුත් පනතෙහි සඳහන්ව ඇත්තේ හිටපු ජනාධිපතිවරයාට නිවසක් හෝ වැටුපෙන් තුනෙන් එකක් හිමි බවට බවත් හිටපු ජනාධිපතිවරයාට විකල්ප දෙකක් ඇති බවත් නිවසින් ඉවත්වී වැටුපෙන් තුනෙන් එකක් ලබාදීම හෝ මාසික කුලිය මත අදාළ නිවසෙහි සිටීමට හැකි බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
හිටපු ජනාධිපතිවරුන්ගේ ත්‍රිවිධ හමුදා ආරක්ෂාව ඉවත් කර ඇති බවත් පොලීසියේ 60 ක් පමණක් ලබාදීමට කටයුතු කර ඇති අතර තවත් කෙඳිරිගෑමට කටයුතු කළහොත් අදාළ නිලධාරීන් 60 දෙනාද ඉවත් කිරීමට කටයුතු කරන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.