Spread the love

යෝජිත කුලී ආදායම් බද්ද මගින් මෙරට ජනතාවගෙන් 90%කට සිදු වන්නේ හිතකර බලපෑමක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

එම බද්දට යටත් වන්නේ 10%ක් තරම් වන ඉහළ ධනවතුන් පමණක් බවත් , සාමාන්‍ය ජනතාව මෙම බද්ද සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගත යුතු නැති බව අමාත්‍යවරයා අවධාරණය කරයි.

කැසිනෝ ශාලා සඳහා සිදු කළ බදු සංශෝධනවලට අදාළ නියෝග පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා අද (19) පාර්ලිමේන්තුවේදී මේ බව පැවසීය. බද්දට යටත් වන 10%ක තරම් පිරිසගෙන් අය කර ගන්නා බදු සෙසු 90%ක් වන ජනතාවගේ අවශ්‍යතා සඳහා වැය කරන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.