Spread the love

කුරුණෑගල ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයේ සිදුවීම පිළිබඳව කරුණු සෙවීමට පංච පුද්ගල විද්වත් කමිටුවක් පත්කල බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයට ඇතුළත් කළ සමහර රෝගීන්ගේ යම්කිසි සංකූලතා කිහිපයක් හේතුවෙන් මරණ කිහිපයක් සිදුවී තිබේ.

ඒ පිළිබඳ වැඩිදුර සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මෙලෙස 05 දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුවක් පත්කර ඇති බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.