Spread the love

යුක්තිය මෙහෙයුම කුමන බාධා පැමිණියත් කිසිසේත නතර නොකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි

මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් මෙරටින් මර්දනය කිරීමේ මෙහෙයුමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පූර්ණ ආශිර්වාදය ලැබී තිබෙන බවද හෙතෙම පැවසුවේය.

‘යුක්තිය’ නමින් දිවයින පුරා ක්‍රියාත්මක කර තිබෙන විශේෂ මෙහෙයුම සම්බන්ධව මේ වන විට සමස්ත රටේම කතාබහට ලක්ව ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.