විශේෂ කාර්ය බලකා අරලංගවිල කඳවුරේ නිලධාරීන් හා පොලොන්නරුව මහජන සෞඛ්‍ය කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් සමඟ එක්ව වැටලීමක් සිදුකර 2025.03.09 වන දින රාත්‍රී කාලයේ පොලොන්නරුව පොලිස් වසමේ ර්කමාන්තපුරය ප්‍රදේශයේදී පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් ලොරි රථයකින් ප්‍රවාහනය කරන ලද සැකකරුවෙකු හා පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා පොලොන්නරුව මහජන සෞඛ්‍යය කාර්‌යාලය වෙත භාර දී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 41 හා 51 යන වයස් වල පසු වන පන්නල හා සන්දිවේලි ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
පොල්තෙල් ලීටර් 7,700 ක් අඩංගු යකඩ බැරල් 35ක්, පොල්තෙල් ලීටර් 7,920 ක් අඩංගු යකඩ බැරල් 36 ක් හා පොල්තෙල් ප්‍රවාහනයට යොදා ගන්නා ලද ලොරි රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත.
පොලොන්නරුව මහජන සෞඛය කාර්යාලය මඟින් වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.