Spread the love

කුඩාවැල්ල ධීවර වරායේ නවතා තිබූ ධීවර යාත්‍රාවක අද (21) උදෑසන ඇති වූ ගින්නකින් ධීවර යාත්‍රා තුනකට හානි සිදුව ඇත.

“තුෂානි” නම් බහුදින ධීවර යාත්‍රාවේ ගින්නක් හටගෙන ඇති අතර, එම යාත්‍රාව ගින්නෙන් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම ගිනි ගැනිම ගෑස් කාන්දුවක් විය හැකි බවට පොලිසිය සැක කරන අතර තංගල්ල මූලස්ථාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුයි.