Spread the love

වටවල පොලිස් වසමට අයත් වටවල වත්තේ ගෙවත්තක වල දමා තිබු බිලිදු මල සිරුරක් (22) දින පස්වරුවේ හැටන් වැඩබලන මහේස්ත්‍රාත් එස් විනායගමුර්ති මහතා ඉදිරියේ වටවල පොලිසිට මගින් දින ‍ගොඩ ගනු ලැබුහ.

මිට දින කිහිපයකට ප්‍රතම සයමසක් පමණ වන දරු ගැබ ගබ්සා කර රැගෙන බිලිදගේ මව සහ අනියම් සැමියා විසින් ගෙවත්තේ වල දමා ඇති බවට වටවල පොලිසියට (22) දින ලද තොරතුරක් මත බිලිදා වල දමා තිබු ස්ථානය සොයා ගෙන ඇත.

සැකකාර මව සහ අනියම සැමියා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත්, සැකකාර කාන්තාව අවුරුදු 46ක වයසැති දෙදරු මවක් බවත්, සැකකාර කාන්තාවගේ සැමියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින අයකු බවයි පොලිසිය පවසන්නේ.

සැකකාර කාන්තාවගේ වැඩිමහල් දියණිය විවාහක කාන්තාවක් බවත්, ඇයගේ සැමියා බිලිදා වල දැමිමට ගෙවත්තේ වල කපා දි ඇති බවට තොරතුරු ලැබි ඇති බවයි වටවල පොලිසිය කියා සිටියේ.

ගොඩ ගත් සිරුර පස්චාත් මරණ පරික්ෂණය සදහ දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍ය වරයා වෙත යොමු කරන ලෙස මහේස්ත්‍රාත් වරයා වටවල පොලිසියට නියොග කලේය.

සිද්ධිය සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට වටවල පොලිසිය මෙහෙයුමක් දියත් කර ඇත.