Spread the love

ලබන සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර ඇත.

ඒ අනුව ආනයනික කිරිපිටි 1kg පැකට්ටුව​ක මිල රුපියල් 200කින්ද , 400g පැකට්ටුව​ක මිල රුපියල් 80කින් අඩුකර​න බවයි එම සංගමය සදහන් කළේ.