Spread the love

වෙළඳ සැලකින් කිරිපිටි ටින් දෙකක් සොරාගත් බව කියන දාහතර හැවිරිදි පිරිමි දරුවකු දෙසැම්බර් මස දොළොස් වන දා දක්වා ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ තැබීමට අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

තම පියා සමඟ ත්‍රිරෝද රථයකින් ගොඩගම ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලකට ගොස් එහි තිබූ කිරිපිටි ටින් දෙකක් සොරාගත් බවට පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

පියා දරුවා රැගෙන වෙළඳසැලට ගොස් දරුවා ලවා කිරිපිටි සොරකම් කරවන බව පරීක්ෂණවලදී හෙළිවී ඇති බවත් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේය.