Spread the love


නිමල් රාජපක්ෂ-

කිරි ගවයින් සොරකම් කිරීම සදහාවු දඩය රුපියල් ලක්ෂ දහය(10 00000/) දක්වාත් , බරපතල වැඩ සහිතව වසරක සිරදඩුවමකුත් නියම කිරිමට සත්ව සුභාසාධන පතන වහාම සංශෝධනය කරන බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
දැනට කිරිගවයින් සොරකම් කිරීම සදහා වු දඩය රුපියල් 50.000 / තිබෙන බැවින් කිරිගව සොරකම් දිගින් දිගටම සිදුවෙයි. ඒ අනුව වහාම පනත සංශොධනය කරන්නැයි පශුසම්පත් සංවර්ධන නිලධාරීන්ට උපදෙස් ලබාදෙයි.

සත්ව සුබසාධන පනත නව සංශෝධන සම්බන්ධව සාකච්ඡාවක් ඊයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විනි. පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ ඉල්ලීමක් පරිදි සත්ව සුබසාධන සංගම් නියෝජිතයින් පිරිසක් සමග පැවැති මෙම සාකච්ඡාවේ දී කිරි ගව සොරකම් ඉහළ යාම හා කිරි ගව සොරුන්ට ලබා දෙන දඩුවම් සම්බන්ධව වගන්ති සඳහා නව සංශෝධන ඇතුළත් කළ යුතු බව අමාත්‍යවරයා සඳහන් කළේය.