Spread the love

මගී ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින් කැළණිවැලි දුම්රිය මාර්ගය පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම දුම්රිය ස්ථාන පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි.

සංවර්ධනය කෙරෙමින් පවතින උතුරු දුම්රිය මාර්ගයෙන්යෙන් ඉවත් කෙරෙන රේල් පීලි ඇතුළු භාවිතයට ගත හැකි කොටස් යොදා ගනිමින් සිදුකෙරෙන මෙම පුනරුත්ථාපන ව්‍යාපෘතිය වසර දෙකක් තුළ අවසන් කිරීමට සැලසුම් කර ඇත. මාර්ගයේ පවතින දුර්වල තත්වය හේතුවෙන් දැනට පවතින වේග සීමා 49 වසරක් තුළ ඉවත් කිරීම දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුමයි.

කිලෝමීටර් 59 ක දිගින් යුතු මරදාන සිට අවිස්සාවේල්ල දක්වා වන කැළණිවැලි දුම්රිය මාර්ගය පුනරුත්ථාපනය කිරීම සඳහා රේල් පීලි 2359 සහ කොන්ක්‍රීට් සිල්පර 25728ක්‌ යොදා ගැනීමට නියමිත වේ. ඒ වෙනුවෙන් ඇස්තමේන්තු කර ඇති වියදම රුපියල් කෝටි 127කි.

බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න මහතා,හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී. ඒ. ඩී. චින්තක මහතා,දුම්රිය සාමාන්‍යධිකාරී ඩබ්. ඒ. ඩී. එස්.ගුණසිංහ මහතා, නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (යටිතල පහසුකම්) එච්. එම්. ඩබ්.බණ්ඩාර මහතා ඇතුලු නිලධාරීන්,රාජ්‍ය නිලධාරීන්, ප්‍රාදේශීය මහජන නියෝජිතයින් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.