Spread the love

නිමල් රාජපක්ෂ-

අඹතලේ කැළණිමුල්ල ප්‍රදේශයේ ගබඩාවක සගවා තිබු රුපියල් දහතුන් ලක්ෂයක් (1300000) ක් වටිනා එතනෝල් තොගයක් සමගින් සැකකරුවන් තිදෙනකු සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් එතනෝල් තොගයේ එතනොල් බැරල් විසිහයක් තිබු අතර අදාල එතනොල් ‌ සදහා කිසිදු බලපත්‍රයක් ලබා ‌තොගෙන ඇති බවත් පසුගිය වසරේ අදාල පුද්ගලයා බලපත්‍ර ලාභියකු බවත් මේ වනවිට එම බලපත්‍රය අලුත් නොකර තිබීම හේතුවේන සුරාබදු කොමසාරිස් ජෙනරාල්වවරයා වෙත ඉදීරිපත් කොට දඩුවම් පැමිණවීමට පියවර ගන්නා බවත් පැවසුවේය,

වැඩිදුරට්ත් අදහස් දැක්වු සුරාබදු පරික්ෂක ජානක මහතා,

වීඩියෝව නරඹන්න subscribe කරන්න

අතිරේක සුරාබදු කොමසාරිස් ජෙනරාල් ආචාර්ය කපිල කුමාරසිංහ මහතාගේ උපදෙස් මත, සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධිකාරී කේ.පී.එස් .පතිරණ මහතාගේ අධික්ෂණය යටතේ ,සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්ථානාධිපති අනුර අලුත්ගේ මහතාගේ මෙහෙයවීමෙන් ,සුරාබදු පරීක්ෂක සමන්ත ජානක ,කෝප්‍රල්වරුන්වන බණ්ඩාර, ප්‍රභාත් නියාමකවරුන්වන නිපුන,ඒකනායක ,නිශ්සංක,රියදුරු ජගත් යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.