කැලණි සහ කළු ගංගාවල ධාරා ප්‍රදේශ වෙත අද දිනයේ අධික වැසි ලැබුණහොත් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්යක්ෂ ඉංජිනේරු spc සුගීෂ්වර මහතා පවසයි.
කළු සහ කැළණි ගංගාවල ඉහළ ප්‍රදේශවල පහත්බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් පසුවිය යුතු තත්ත්වය දක්වා ගංගාවල ජල මට්ටම ඉහළගොස් ඇති බවය.
අද දිනය තුළදී මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවුවහොත් එම ගංගා ආශ්‍රිතව ගංවතුර තත්ත්වය ඇතිවිය හැකි බවද ඒ මහතා පවසයි.
මේ අතර නිරිතදිග මෝසමේ බලපෑම දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට තවදුරටත් එල්ල වෙමින් තිබේ.
අයහපත් කාලගුණික තත්ත්වයෙන් සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 08ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඒ අතරින් මරණ 7ක්ම සිදුව ඇත්තේ ගස්කඩා වැටීම්වලිනි.
කෑගල්ල අරණායක මාවනැල්ල ප්‍රධාන මාර්ගයේ ජලසම්පාදන මණ්ඩලය අසළ පිහිටි කොස් ගසක කොටසක් ට්‍රාන්ෆෝමරයක් මතට කඩාවැටී තිබේ.
මේ හේතුවෙන් අරණායක ප්‍රදේශයටම විදුලිය විසන්ධිවී ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.
මේ අතර කොළඹ ගම්පහ කළුතර මහනුවර කෑගල්ල නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කයන් 7ට අදාළව නිකුත්කර ඇති නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් බලපැවැත්වෙන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දත්තවලට අනුව පුද්ගලයින් 45,344ක් පමණ පීඩාවටට ලක්ව සිටින අතර නිවාස 2797කට අර්ධහානි සිදුව තිබේ.