Spread the love

අනුන්ගේ වීසා බලපත්‍රයක් භාවිත කර කැනඩාවට පළායාම සඳහා පැමිණි පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සිය ගුවන් ගමන් නිශ්කාශන කටයුතු නිමාකර ආගමන විගමන කවුළුව වෙත පැමිණ සිය ගමන් බලපත්‍රය ඉදිරිපත් කර තිබේ .

එහිදී අදාළ ගමන් බලපත්‍රයේ ඇති ජායාරූපය සහ ඔහුගේ ජායාරූපය එකිනෙකට වෙනස් බවක් පෙන්නුම් කිරීම හේතුවෙන් මෙම ගමන් බලපත්‍රය පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය කරගැනීම සඳහා එහි තොරතුරු ආගමන විගමන දෙපාර්තමේන්තු පරිගණක පද්ධතිය වෙත ඇතුළත් කර තිබේ.

ඒ අනුව මෙම ගමන් බලපත්‍රය හිමි තැනැත්තාට එරෙහිව ත්‍රිකුණාමලය අධිකරණය විසින් රටින් පිටවීම තහනම් කරමින් ගුවන් ගමන් තහනමක් පනවා ඇති බවට ද කරුණු අනාවරණය වි ඇති බව සඳහන් වෙයි.

අත්අඩංගුවට ගත් 34 හැවිරිදි යාපනය ප්‍රදේශයේ පදිංචි සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබේ.