මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සිඝ්‍රයෙන් පහල බසමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පැවසිය.
මවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමේ සිට 18 කින් සහ කාසල්රි ජලාශය පිටාර මට්ටමේ සිට අඩි 22 කින් පහල බැස ඇත.
ජලාශවල ජල මට්ටම අඩුවිමත් සමග ජලාශ ඉදි කිරිමේදි ජලාශයට යට වු පැරණි ගොඩනැගිලි වල නටබුන් මතුවෙමින් පවතින අතර, වියළි කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතුණහොත් ජල විදුලි උත්පාදනයට බාධා එල්ල විය හැකි බව විදුලි බලාගාර ඉංජිනේරුවන් අවධාරණය කර සිටියි.
කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවලින් ලබාගන්නා ජලයෙන් විමලසුරෙන්ද්‍ර, කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය සිදු කරනු ලබයි.
එම ජලාශවල ජල මට්ටම අඩුවිමත් සමග කැළණි ගගේ ජල මට්ටමද පහල බැසි ඇති බවද වාරි මාර්ග දෙපාර්තුමේන්තුවේ නිලධාරින්ද පැවසිය.