Spread the love

කාසල්රි ජලාශයට වැටි ගිලෙමින් සිටි තරුණයෙකු බේරා ගැනිමට ජලාශය ආසන්නයේ පිහිටි සංචාර නිකේතනයක කළමණාකරුවෙකු (08) දින සමත් වි ඇත.

සංචාරක නිකේතනය අසල පිහිටි කාසල්රි ජලාශය දෙසින් කෑගසන ශබ්දයක් ඇසි ඒ සම්බන්ධයෙන් සොයා බැලිමට තමන් ජලාශය අසලට ගිය අවස්තාවේ ජලාශයේ තරුණයෙකු ගිලෙමින් සිටි බවත්, එම අවස්තාවේ තමන් ජලාශයට පැන ගිලෙමින් සිටි තරුණයා බේරාගෙන නොර්වුඩ් පොලිසියේ සහ ප්‍රදේශවාසින්ගේ සහය ඇතිව තරුණයා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කල බවයි සංචාරක නිකේතනයේ කලමණාකරු රංජිත් සිල්වා මහතා කියා සිටියේ.

කාසල්රි ජලාශය අසල මාළු ඇල්ලිමට සහ දිය නෑමට ඇතැම් පිරිස් පැමිණෙන බවත්, එම තරුණයා මාළු ඇල්ලිමට පැමිණ ජලාශයට වැටෙන්නට ඇති බවට තමන් සැකකරන බවයි කලමණාකාරවරයා කියා සිටියේ.

මෙසේ ජලාශයේ ගිලෙමින් සිටියදි බේරාගත් තරුණයා අවු 18-20 වයසේ පසුවන අයෙකු බවයි නොර්වුඩ් පොලිසිය කියා සිටියේ.