Spread the love

රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි..

දිවයිනේ සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතියි් .

සුළං ඊසාන දෙසින් හමා එනඅතර සුළගේවේගය පැ.කි.මී. (20-30)පමණබැවින් මන්නාරම සිට පුත්තලම, කොළඹ හරහා ගාල්ල දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලදි සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-45) දක්වා වැඩිවීමේ හැකියාව පවතින බවද කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.