Spread the love

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළ යමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරෙයි හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළෙන් ඔබ්බෙන් පිහිටි මුහුදු ප්‍රදේශයේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60-70 දක්වා වැඩි විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් පිහිටි මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ද පැයට කිලෝමේටර් 50-60 දක්වා වැඩි විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.