Spread the love


නිමල් රාජපක්ෂ-
.
හලාවත සිට පානදුර බලා ධාවනය වු මුතුකුමාරි කාර්යාල සීඝ්‍රගාමී දුම්රියේ කළ ප්‍රවේශපත්‍ර පරික්ෂාවකදි තුන්වන පංතියේ ප්‍රවේශපත්‍ර ලබාගෙන දෙවන පංතියේ ගමන් කළ මගිීන් 30 දෙනෙකු දුම්රිය ආරක්ෂක නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මගීන් අතර කාන්තාවෝ 14 දෙනෙකු සිිටි බව කොටුව මෙහෙයුම් ඒකකයේ කාර්යභාර නිලධාරී ,උපපරිීක්ෂක ප්‍රේමලාල් මහතා පවසයි.
දිනපතා දෙවන පංතියේ මගීන්ගෙන් ලද පැමිණිලි මත මුතුකුමාරී කාර්ලාය සිඝ්‍රගාමී දුම්රියේ රාගම දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා ප්‍රවේශපත්‍ර පරික්ෂාව සිදු කොට තිබේ.
දුම්රිය ආරක්ෂක නිලධාරීන් ප්‍රවේශපත්‍ර පරික්ෂාකිරීමේදී දෙවන පංතියේ ප්‍රවේෟශපත්‍ර ලබාගත් මගිිීන් හිටගෙන යද්දී තුන්වන පංතියේ ප්‍රවේශපත්‍ර ලබාගත් මගින් දෙවන පංතියේ සැපට වාඩිවී නිදාගෙන ගමන් කරමින් සිටි බවද පවසයි.
අත්අඩංගුවට ගත් මගිීන් 20 දෙනෙකුගෙන් ඒ මොහොතේම රුපියල් 62940/දඩ මුදලක් අයකර ගත් බව ද ප්‍රේමලාල් මහතා පැවසුවේය.
ඉතිරි මගීන් ඒ මොහොතේ දඩමුදල් ගෙවිමට නොහැකි බැවින් ඇපකර තබා ගොස් තිබේ.
මගීන් මතක ඇතිව ප්‍රවේශපත්‍ර ලබාගෙනෙ තමන්ට හිමි පංතියේ ගමන් කරන්න . දිගින් දිගටම දුම්රිිය වල ප්‍රවේශපත්‍ර පරික්ෂා කිරීම දුම්රිය ආරක්ෂක නලධාරි ආරම්භ කර ඇති බැවින් තරා තිරම නොබලා දුම්රියේ හොරට ගමන් කර හසුවුවහොත් දැඩි දඩුවම් පමුණු වන බවද දුම්රියආරක්ෂක නිලධාරින් පවසයි.
දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතාගේ උප දෙස් මත ,සහකාර ආරක්ෂක අධිකාරී කරුණානායක මහතාගේ අධීක්ෂණය යටතේ , කොටුව මෙහෙයුම් ඒකකකයේ කාර්යභාර නිලධාරි ප්‍රේමලාල් මහතාගේ මෙහෙයවීමෙන් උපපරික්ෂක වරුන්වන අමල් ,ලෙස්ලි , නෙලුම්දෙණිය , සැරයන් වරුන්වන රොෂාන් ,ප්‍රියන්ත,තිලකරත්න ,ආරක්ෂක නිලධාරින් වන රණසිංහ,ලලිත්,සුගත් කුමාර,හේරත් , කාන්තා ආරක්ෂිකා සේපාලිකා, දුරංගි, පත්මිණී යන නිලධාරීහු මෙම වැටලිම් සිදු කළහ.