නිමල් රාජපක්ෂ –
තායිලන්තයේ සිට මෙරටට පැමිණි කාන්තාවකගේ ගමන් බෑගයේ සගවා තිබු රුපියල් මිලියන 186 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන්තොටුපල මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.
අදාල කාන්තාව තායිලන්ත විදේශ ගමන් බලපත්‍රයක් ඇති අතර ඊයේ රාත්‍රී 11.55 ට පමණ තායි ගුවන් සේවයට අයත් TG 307 දරණ ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ .ඇය ග්‍රීන් චැනලය ඹස්සේ ගමන් කරද්දී ඇයගේ හැසිරීම් විලාසය පිලිබදව සැකසිති කල පරික්ෂාවකදි මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට සමත්වී ඇත.
මෙසේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ හෂීස් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 22 ක් තිබු බව රේගු මාධ්‍ය ප්‍රකාශක ,අතිරේක රේගු අධ්‍යක්ෂක ජෙනරාල් සීවලි අරුක්ගොඩ මහතා පවසයි.
රේගු නිවාරණ අංශයේ නිලධාරීන් වැඩි දුර පරික්ෂණ පැවැත්වීම සදහා මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත බාරදි තිබේ.