Spread the love

රජය මඟින් ක්‍රියාත්මක කරනු ලබන “Clean sri lanka – 2025 වැඩසටහනට සමඟාමීව ශ්‍රී ලංකා පොලිසිය මඟින් මහජනතාව වෙත සිදු කරන විශේෂ දැනුම් දීමයි” යනුවෙන් කිසියම් පුද්ගලයෙකු විසින් සිදු කල අසත්‍ය හඬපටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

පොලිස් ආඥා පනතේ වගන්තියක් සඳහන් කරමින් මහජනතාව විසින් තම නිවෙස් ඉදිරිපිට ප්‍රදේශ පිරිසිදුව තබා ගැනීම ඇතුළු තවත් කරුණු සම්බන්ධයෙන් අවධාරණය කර ඇති බවටත් එසේ ක්‍රියා නොකරන පුද්ගලයින්ට එරෙහිව 2025.01.15 වන දිනෙන් පසු නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවටත් එම හඬ පටයේ සඳහන් කර ඇත.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙම හඬ පටය අසත්‍ය හඬ පටයක් බවත්, මෙවැනි හඬ පටයක් ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුත් කර නොමැති බවටත් අවධාරණය කරන අතර අදාල හඬ පටය නිකුත් කල පුද්ගලයාට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් විර්මශනයක් ආරම්භ කර ඇත.