Spread the love

කෝටිපති ව්‍යාපාරිකයෙක සුරේන්ද්‍ර වසන්ත පෙරේරා අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ ආයතනයක් විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ ඝාතනය කිරීම ඩුබාහි සිට එම සැලසුම ක්‍රියාත්මක කරන ලද ලොකු පැටි නමැත්තා විසින් සජීවීව නරඹා ඇති බවට තොරතුරු හෙළිවී තිබේ.

එමෙන්ම එම කොන්ත්‍රාත්තුව ලොකු පැටිට ලබා දුන් ප‍්‍රංශයේ සැගව සිටින කංජිපානි ඉම්රාන් නැමැත්තා ද මෙම දර්ශන මුල් අවස්ථාවේ සිටම සජීවීව නරඹා ඇතැයි ද පැවසෙයි.

අදාළ ආයතනයේ සවිකර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියේ දත්ත සහ මුරපද ඔවුන් අතට ලබාගෙන මෙම ඝාතනයන් සජීවීව නරඹා ඇති බවද හෙළි වී ඇත.

ඩුබායි රටේ සැඟවී සිටින ලොකු පැටි ඇතුළු කණ්ඩායම මෙම ඝාතනය සජීවීව නරඹා ඇත්තේ මත්පැන් සාදයක් පවත්වමින් බවට ද තොරතුරු ලැබී තිබේ.