Spread the love

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ හා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ තණතීරු භාරකරුවන්ට හා ක්‍රීඩාංගන සේවකයින්ට මූල්‍ය ත්‍යාග පිරිනැමීමට කටයුතු කර ඇත.

ඒ අනුව ආසියානු ක්‍රිකට් කවුන්සලය හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඇමෙරිකානු ඩොලර් 50,000 ක මූල්‍ය ත්‍යාගයක් මෙලෙස ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

මෙවර තරගාවලියේ තරග රැසකට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, එහිදී තරග පැවැත්වීම වෙනුවෙන් ක්‍රීඩාංගන සේවකයින් දැක් වූ දායකත්වය පාර්ශව රැසක ඇගයීමට ලක්වුහ.