Spread the love

හිටපු මල්ල ක්‍රීඩකයකු කැලණිය වාසල ප්‍රදේශයේදී තියුණු ආයුධ ප්‍රහාරයකින් ඝාතනයට ලක්කර ඇත.

පෑලියගොඩ පොලිසිය සඳහන් කරනුයේ මරණයට පත්වූ පුද්ගලයා එම ප්‍රදේශයේම පදිංචි මැරතන් ධාවකයෙකු වන පනස් නව හැවිරිදි පුද්ගලයකු බවයි.

ඝාතනයට හේතුව දෙපාර්ශ්වයක් අතර කලක සිට පැවැති ආරවුලක් බවද පොලිසිය කියයි.

තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව කොළඹ ජාතික රෝහලට ගෙන ගොස් ඇති මෙම පුද්ගලයා එහි දී මියගොස් තිබේ.