ක්‍රිෂ් ව්‍යාපෘති ප්‍රවර්ධකයා වන අමිට් කට්යාල් නමැත්තා මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය රුපියල් කෝටි 200කට අධික වත්කම් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී ඇති අතර කොළඹ ක්‍රිෂ් ව්‍යාපෘතිය ද ඒ අතර වෙයි.
වාර්තාවන්හි දැන්වෙන්නේ කොළඹ නගරයේ අක්කර හතරක ඉඩමක ඉදිවෙමින් පවතින සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘති සහ බදු අයිතිය ඇතුළුව රුපියල් කෝටි 224.08ක් පමණ වටිනා දේපළ රාජසන්තක කර ඇති බවය.
නීත්‍යානූකූලව උපයාගත් මුදල් යයි හගවමින් ශ්‍රී ලංකාවේද ආයෝජනය කර ඇති බවට චෝදනා එල්ල වෙයි.