Spread the love

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පත්කරනු ලැබූ ක්‍රිකට් අතුරු කමිටුව අවලංගු කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු තීරණය කර ඇත.

අතුරු කමිටුවක් පත් කිරීමේ තීරණය අවලංගු කිරීමේ ගැසට් පත්‍රයට තමන් අත්සන් තැබූ බවයි X පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම ඉවත් කරගැනීමේ අරමුණ සහිතව තමන් මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ X පණිවිඩය පහතින්.