Spread the love

නීත්‍යානුකූල නොවන ලෙස විදේශ විනිමය හුවමාරු කරන ස්ථානයන්හි ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 270ක් දක්වා පහළ බැස ඇති බව වාර්තා වේ.

ආසන්න දිනවල ශ‍්‍රී ලංකා රුපියල් ශක්තිමත් වීම හමුවේ මෙම තැරැව්කරුවන් විදේශ මුදල් මිලදී ගැනීමට දැඩි මැලිකමක් දක්වමින් සිටිති.

උණ්ඩියෙල් හා හවාලා ක්‍රමයන් ද මේ වන විට ක්‍රියාකාරීත්වය ඉතා පහත වැටී ඇති අතර ඔවුන්ද ඇතුළු නීත්‍යානුකූල නොවන ක්‍රම හරහා ඩොලර් සඳහා ගෙවනු ලබන්නේ බැංකු පද්ධතියට වඩා අඩු මුදලකි.