Spread the love


නිමල් රාජපක්ෂ-.

තිබ්බටුගොඩ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුම්කදි නිීති විරෝධී මත්පැන් මිලී ලීටර් පනස්දහසක් යතුරු පැදියක තබා ගෙන ගමන් කල සැකකරුවකු පසුගිය දා (24)ගණේමුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
දිවයින පුරා දිනෙන් දින මත්ජාවාරම හා අපරාධ සිදු වන බැවින් ගණේමුල්ල පොලීසිය සිය බලප්‍රදේශයේ විටින්විට තැනින් තැන සෝදිසි මෙහෙයුම් දියත් කොට තිබේ. එහි ප්‍රථිපලයක් ලෙස 24 දා සවස 5.00 පමණ සිදු කළ සෝදිසි මෙහෙයුමේදි අදාල සැකකරු තම යතුරු පැදියේ පටවා ගෙන කසිප්පු ප්‍රවාහනය කිරීමේදි කොටු කර ගැනීමට ගණේමුල්ල පොලිසියේ නිලධාරීන් සමත්වි ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු මත්පැන් තොගය හා යතුරු පැදිය සමගින් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත 25 දින ඉදිරිපත් කිරිමෙන් පසු නිති විරෝධී මත්පැන් ප්‍රවාහනයට හා ළගතබා ගැනීමේ වරදට මහේස්ත්‍රාත්වරයා සැකකරුට රුපියල් 70 000/ දහසක දඩ මුදලක් ගෙවන ලෙස නියම කොට ඇත.
.
ගණේමුල්ල පොලිස්ථානාධිපති ප්‍රියන්ත මහතාගේ අධික්ෂණය යටතේ , රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මංජුල , කොස්තාපල් ජයතාන් යන නිලධාරිහු මෙම වැටලිම සිදු කළහ.