Spread the love

නාගොඩ -සුමන

බස්නාහිර පළාතේ කසළ කළමනාකරණ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස් නිලධාරීන් 100 දෙනෙකු යෙදවීමට තීරණය කර ඇතිබව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
කසල කළමනාකරණය පිළිබඳ සොයා බැලීමට කමිටුවක් ද පත්කර තිබේ.
පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති සාකච්ඡාවකදී එම තීරණය ගත් බව පැවසීය.
කසල වෙන්කර බැහැර කරන වැඩපිළිවෙලක් පළාත් පාලන ආයතන සමඟ ඒකාබද්ධව සිදුකිරීමට අවධානය එහිදී යොමු වූ බව පැවසීය.
කසළ කළමනාකරණයේදී ආරක්ෂක අංශවල දායකත්වය සෘජුව ලබා ගැනීමට නියමිතයි.
බස්නාහිර පළාතේ ඇති කැළිකසළ ගැටලුවට ඉදිරි මාස කිහිපයේ විසඳුම් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යාවරයා පැවසීය.
ඒ සඳහා දීර්ඝ කාලීන සහ කෙටිකාලීන විසඳුම් ලබාදීමට නියමිත බව වැඩිදුරටත් පැවසීය.