Spread the love

නාගොඩ සුමන

ගාල්ල බන්ධනාගාර තුළ අද (26) දහවල් ඇතිවූ කලහකාරී තත්ත්වය මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය ඇතිබව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක මහතා පැවසීය.
රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ කළහකාරී තත්ත්වය හේතුවෙන් තුවාල ලැබු රැඳවියන් 04 දෙනෙකු කරාපිටිය ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියී.
ඔවුන්ගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බව කරාපිටිය රෝහල් අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
මේ අතර ගාල්ල බන්ධනාගාරයෙ ආරක්ෂාව තරකර ඇතිබව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
ඒ සඳහා පොලිස් විශේෂ කාර්‍ය බලකාය සහ පොලිසිය යොදවා තිබේ.
බන්ධනාගාර කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.