Spread the love

මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකට සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණි නාදුනන පුද්ගලයන් 4 දෙනකු එල්ල කළ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලැබූ හිමිනම අද (23) ගම්පහ මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අපවත්වී තිබිණ.
මෙම වෙඩි තැබීමෙන් අපවත් වූයේ කලපලුවාවේ ධම්මරතන නැමැති (45) හිමිනමක බව පොලිසිය කියයි.

අපවත්වූ හිමිනම කෙසෙල් කන්ද ,කිරිකිත්ත වැලිවේරිය ප්‍රදේශයේ කුසුම් සදහම් සෙවණ විහාරස්ථානයක වැඩවාසය කර ඇති අතර හිමි නම ජෝතිශ්‍ය කටයුතු කරන අතර කහටාන ඝනාරාමයේ ද අද දින ජෝතිශ්‍යය කටයුතු සිදු කිරීම සඳහා වැඩම කර ඇත .

සිද්ධිය වූ අද (23) දහවල් 12.15 ට පමණ විහාරස්ථානයේ දානය වළඳමින් සිටින අවස්ථාවේදී සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණි නාදුනන පුද්ගලයන් 4 දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසා හිමිනම සතුව මත්කුඩු තිබෙන බවට ලද තොරතුරක් මත පරීක්ෂා කිරීමට පැමිණි බව පවසා ඇත. පසුව හිමිනම පරීක්ෂා කරන මුවාවෙන් වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර පලාගොස් ඇත බව පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත .
හිමි නම ගම්පහ රෝහලට ඇතුළත් කිරීමේ දීද අපවත් වී ඇති බව ගනාරාම පන්සලේ හිමි නමක් පවසයි .