Spread the love

කිලිනොච්චිය කෝනාවිල් ප‍්‍රදේශයේ පිහිටි පොල් කොහු කර්මාන්ත ශාලවක ඇති වූ ගින්නක් හේතුවෙන් කොහු කර්මාන්ත ශාලාවට හා උපකරණවලට දැඩි හානි සිදුව ඇතැයි කිලිනොච්චිය පොලීසිය පවසයි.

කොහු කර්මාණ්ත ශාලාවට සම්බන්ධ වී තිබූ විදුලි සැපයුම මගින් ඇති වූ විදුලි කාන්දුවක් මගින් පළමුව ගිනි ගැනීම ආරම්භ වී කොහු කර්මාන්ත ශාලාවට ගින්න ව්‍යාප්ත වූ බවට ඒහි සේවකයින් විසින් පොලීසියට පවසා ඇත.

ගින්න ඇති වූ අවස්ථාවේදී කොහු කර්මාන්ත ශාලව තුල සිටි පිරිස් වහා ඒම ස්ථානයෙන් ඉවත්ව ආරක්ෂාකාරි ස්ථානයන් වෙතට ගොස් ගින්න නිවා දැමීමට උත්සහ දැරුවද ඒය අසාර්ථක වීමෙන් ඒ් පිළිබඳව පොලීසියට හා ගිනිනිවන අංශයන් වෙතට දැනුම් දී ඇත.

පසුව කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගිනිනිවන රථය පැමිණ ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව ගින්න පාලනය කිරීමට පියවර ගත්තද ඒ වන විටත් කොහු කර්මාන්ත ශාලව සම්පූරණයෙන්ම විනාහ වී ඇති අතරම උපකරණ රැසක්ද ගින්නෙන් දැඩි හානි සිදුව තිබුණි.

විදුලි කාන්දුවකින් මෙම ගින්න ඇති වූ බවට සැකපල කරන අතර ගිනිගැනීම ස්ම්බන්ධයෙන් පරික්ෂණයක් අරඹා ඇතැයිද කිලිනොච්චිය පොලීසිය වැඩිදුරටත් පැවසීය