නිමල් රාජපක්ෂ-
2023 ජාතික ප්‍රදර්ශන මාලාවේ දකුණු පළාත් කර්මාන්ත ප්‍රදර්ශනය “කර්මාන්ත 2023 ගාල්ල ” අභිමානවත් කර්මාන්ත ප්‍රදර්ශනය දෙසැම්බර් 28 , 29 , 30 දින තුන පුරා පෙරවරු 9 යේ සිට රාත්‍රී 9 දක්වා ගාල්ල සමනල පාලම ක්රීඩාගනයේදී උත්කර්ෂවත්ව පැවැත්වේ.
කුටි 300කටත් වඩා ඇති මෙම දැවැන්ත ප්‍රදර්ශනයේදී, ආහාර පාන ආශ්රිත නිෂ්පාදන කර්මාන්තයන් , ඇසුරුම් ක්ෂේත්රය ආශ්රිත නිෂ්පාදන කර්මාන්තයන් , කුළුබඩු ආශ්රිත නිෂ්පාදන කර්මාන්තයන් , පොල් , කිතුල් , තල් ආශ්රිත නිෂ්පාදන කර්මාන්තයන් , තේ ආශ්රිත නිෂ්පාදන කර්මාන්තයන් , රබර් ආශ්රිත නිෂ්පාදන කර්මාන්තයන් , දැව ආශ්රිත නිෂ්පාදන කර්මාන්තයන් , මෝටර් රථ වාහන එකලස් කිරීම ඇතුළු නිෂ්පාදන කර්මාන්තයන් , ඖෂධ ආශ්රිත නිෂ්පාදන කර්මාන්තයන්, මැණික් හා ස්වර්ණාභරණ ආශ්රිත නිෂ්පාදන කර්මාන්තයන් , කෘෂි ද්‍රව්‍ය ආශ්රිත නිෂ්පාදන කර්මාන්තයන් , ඇගළුම් ආශ්රිත නිෂ්පාදන කර්මාන්තයන් , විවිධ රසායන ද්‍රව්‍ය හා බලශක්ති ආශ්රිත නිෂ්පාදන කර්මාන්තය , විවිධ සේවා සැපයුම් කර්මාන්තය ඇතුළු කර්මාන්ත ක්ෂේත්‍ර 25 කට අදාළ වූ සාම්ප්‍රදායික හා නූතන කර්මාන්ත සියල්ල ඔබට දැක ගත හැක.
කර්මාන්ත අමාත්‍යංශයේ මගපෙන්වීම මත ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය පවත්වන මෙම ප්‍රදර්ශනයේදී විවිධ කර්මාන්ත දැකගන්න , විවිධ කර්මාන්ත ආරම්භ කරන්න දැනුම ලබාගන්න , කර්මාන්ත ආරම්භ කිරීමට අවශ්‍ය රාජ්‍ය ආයතනවල සහයෝගීතාවය ලබාගන්න, නිෂ්පාදන අපනයන ක්ෂේත්රයට පිවිසෙන්න , දේශීය හා විදේශීය විවිධ කර්මාන්ත කරුවන් හා සම්බන්ධතා ගොඩ නගා ගන්න ඔබට හැකියාව ලැබෙනු ඇත.
මීට අමතරව ලංකාවේ විවිධ ප්‍රදේශවල විවිධ වර්ගයේ නිෂ්පාදන රාශියක් අඩු මිලට මිලදී ගැනීමට, නව නිර්මාණ අත්දැකීම් ලබා ගැනීමට හා පවුලේ සියලුමදෙනා සමඟ විනෝද වීමටද මෙම ප්රදර්නයේදී පහසුකම් සපයා ඇත.
තවද, ව්‍යාපාරයක් හෝ කර්මාන්තයක් ආරම්භ කොට ව්‍යාපාරික ලොව ජයගැනීමේ ප්‍රථම පියවර මෙම කර්මාන්ත ප්‍රදර්ශනයෙන් ලබාගත හැකිවේ.
එමෙන්ම දැනට ව්‍යාපාරයක් පවත්වාගෙන යන ව්‍යාවසායකයින්ට අවශ්‍ය සේවා රාශියක් මෙම ප්‍රදර්ශනයේදී ලබා ගත හැක.
දෙසැම්බර් 28, 29, 30 ගාල්ල සමනල පාලම ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන දකුණු ලක අභිමාන කර්මාන්ත අභිෂේකය , “කර්මාන්ත 2023 ගාල්ල” දකුණු පළාත් කර්මාන්ත ප්‍රදර්ශනයට පැමිණ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල ශක්තියක් ලබාදෙන දේශිය කර්මාන්තකරුවන්ගේ හැකියාවන් නරඹා ඔවුන් දිරිගැන්වීමට දායකත්වය ලබා දෙන ලෙස ශ්‍රී ලාංකීය ජනතාවගෙන් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයඉල්ලා සිටී.