Spread the love

රට තුළ ඇති කර්මාන්තශාලාවල නිෂ්පාදනය සමස්ත ධාරිතාවෙන් 25% දක්වා අඩු වී ඇති බව ආර්ථික අර්බුදය සමනය කිරීම පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් රජය විශේෂ අවධානයක් යොමු කළ යුතු යැයි ද පැවසූ මන්ත්‍රීවරයා තත්ත්වය අවම කර ගැනීමට අනුගමනය කළ යුතු වැඩපිළිවෙළක් දැනටමත් රජයට ඉදිරිපත් කර ඇතැයිද පැවසීය.

මෙරටට බලපා ඇති ආර්ථික අර්බුදය මත ඇඟලුම් කර්මාන්ත ශාලා බොහොමයක් වසා දමා හිමිකරුවන් විදේශ රටවල එම කර්මාන්තශාලා ස්ථාපිත කරමින් සිටින බව ද හෙතෙම කියා සිටියේය.

විදුලි ගාස්තු, තීරුබදු, කර්මාන්ත පිරිවැය ඉහළ යාම මෙන්ම ජාත්‍යන්තර වෙළදපොල තරගකාරිත්වය විශාල වශයෙන් පහළ ගොස් නව ඇනවුම් ලැබීම අඩු වීමද මෙම තත්ත්වය කෙරෙහි බලපා ඇති බවද මන්ත්‍රීවරයා තවදුරටත් පෙන්වා දුන්නේය.