Spread the love

නිමල් රාජපක්ෂ-

ඉදිරියේදි ඹරුගොඩවත්ත මෝටර්රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයට ,පාඨමාලා සදහා බැදෙන දරුවන්ව අවසන් වසර දෙකහිදී කර්මාන්තගත පුහුණුව ජපානයේදී ලබා දිමට පියවර ගන්නා බව මෝටර්රථ අභ්‍යාස ඉංජිනේරු ආයතනයේ අධ්‍යක්ෂ ,විදුහල්පති අනුර දිසානායක මහතා පවසයි.

මෙහිදි මෝටර්රථ කාර්මික ශිල්පි පාඨමාලාව ,මෝටර්රථ විදුලි කාර්මික ශිල්පී පාඨමාලාව ,මෝටර්රථ වායුසමිකරණ ශිල්පී පාඨමාලාව ,මෝටර්රථ ටින්ක පාඨමාලාව හා මෝටර්රථ පින්තාරු ශිල්පී යන පාඨමාලාව සදහා බදවා ගන්නා දරුවන් බදවා ගැණේ. එහිදී පුහුණු පාඨ මාලාවේ වසරකට පසුව ඉතිරි වසර දෙක සදහාවු කර්මාන්ත ගත පුහුණුව සදහා ජපානයට යොමු කිරීමට නියමිතය.

ලබන වසර සදහා අදාල පාඨමාලාවල් සදහා දරවන් 650 ක් බදවා ගැනීමට නියමිතයි.දැනටමත් මෝටර්රථ කාර්මික ශිල්පි පාඨමාාලාව ,මෝටර්රථ විදුලි කාර්මික ශිල්පී පාඨමාලාව ,මෝටර්රථ වායුසමිකරණ ශිල්පී පාඨමාලාව ,මෝටර්රථ ටින්ක පාඨමාලාව හා මෝටර්රථ පින්තාරු ශිල්පී පාඨමාලාව සදහා ආධුනිකයින් බදවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙනවා. මෙහිදි ප්‍රධාන පාඨමාලාවන් සදහා වසර තුනක කාලයක් පුහුණුවලැබීමට නියමිතයි. එයින් පළමු වසර පුහුණුව ලැබීමෙන් පසු අවසානයේදී ඉතිරි වසර දෙක කර්මාන්තගත පුහුණුව සදහා ජපයන් රජය සමග සාකච්ජාකොට ජපානයට යැවීමට පියවර ගන්නා බවද පැවසුවේය.


මෙම ආයතනයෙන් පාඨමාලාව නිමකරන අය රැකියාවක් නැහැ කියන කිසිවෙක් නොමැත.රැකියාගත කිරීමට ඉතා ඉහල මට්ටමක තිබෙනවා කර්මාන්ත ගත පුහුණුවට යන දරුවා ආපසු අප ආයතනයට එන්නේ නැහැ පුහුණුව ලැබු ආයතනයේම රැකියාව හිමිවන බවද පැවසුවේය.

වැඩි දුරටත් අදහස් දැක්වු අධ්‍යක්ෂ විදුහල්පති අනුර දිසානායක මහතා ,