නාගොඩ -සුමන
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ කරදගොල්ල ප්‍රදේශයේ නාය යෑම් තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජේෂ්ඨ භූ විද්‍යාඥයින් පිරිසක් හෙට (01) එහි යාමට නියමිත බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා පැවසීය.
නාය යෑමට හේතුව උමා ඔය යෝජනා ක්‍රමය බවට ජනතාව නගන චෝදනාවට පැහැදිලි පිළිතුරක් ලබාදීම එහි අරමුණ වී තිබේ.
අදාළ භූ විද්‍යාඥායින් පිරිස කොළඹ ප්‍රධාන කාර්යාලයේ සිට පැමිණීමට නියමිතයි