Spread the love


නිමල් රාජපක්ෂ-

කඳුකර දශකය නමින් දස අවුරුදු බහුකාර්ය ග්‍රාමීය හා ප්‍රජා සංවර්ධන වැඩ සටහනක් ලබන වසරේදී ක්‍රියාත්මක කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි

කඳුකර ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ පොදු යටිතල පහසුකම් වැඩිදියුණු කර ඔවුන්ට ලබාදෙන සේවාවන් වර්ධනය කිරීම සඳහා දස අවුරුදු බහුකාර්ය ග්‍රාමීය හා ප්‍රජා සංවර්ධන වැඩසටහන යටතේ ලබන වසරට (2024) රුපියල් මිලියන 10,000ක ප්‍රතිපාදන වෙන්කර ඇතැයිද පැවසුවේය.

කඳුකර දශකය මහනුවර, මාතලේ,නුවරඑළිය,රත්නපුර,කෑගල්ල,මාතර,ගාල්ල,කලුතර,බදුල්ල හා කුරුණෑගල ඇතුළු දිස්ත්‍රික් 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 89ක් තුළ මෙම වැඩසටන ක්‍රියාත්මක කෙරේ.