20 වන දින රාත්රී කාලයේ කඳාන පොලිස් වසමේ නාගොඩ ප්රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් තියුණු ආයුධවලින් සිදුකල පහරදීමකින් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙක් මියගොස් ඇති බවට කඳාන පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු වයස අවුරුදු 31 ක් වන හා තුවාලකරු වයස අවුරුදු 29 ක් වන කඳාන, නාගොඩ ප්රදේශයේ පදිංචිකරුවන් වේ.
මරණකරු හා තුවාලකරු දෙපාර්ශවයේ පුද්ගලයන් බවත්, පුද්ගලික ආරවුලක් හේතුවෙන් ඔවුන් දෙදෙනා අතර සිදුවූ පිහි ඇනුම් වලින් මෙසේ එක් පුද්ගලයෙකු මියගොස් අනෙක් පුද්ගලයා තුවාල ලබා ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශන වලදි අනාවරණය වී ඇත. මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. කඳාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.