Spread the love

කතානායකවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් තමන්ටද ප්‍රශ්න ඇති බව ආරක්ෂක රාජ්‍ය ඇමැති ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ ඇතැම් පුද්ගලයන්ට අනවශ්‍ය ලෙස කතා පැවැත්වීමට අවසර දීම සම්බන්ධයෙන් කථානායකවරයාට මෙම විවේචනනය තමන්ට මෙන්ම බොහෝ පිරිස් පිරිසකට ඇති බවද හෙතෙම සඳහන් කළේය

wrong thing wrong thing and the most income නායකයන් විදිහට අපිට සිද්ධ වෙනවා ප්‍රජාතන්ත්‍රවාදයේ ආණ්ඩුක්‍රම ලක්ෂණයක් අනුව තීන්දු ගන්නත් ඒ තීන්දු වලට විවිධාකාරයේ කැමැත්ත අකමැත්ත මහජනතාව ඉදිරිපත් කරන හැබැයි පෞරුෂය තියෙන්න ඕනේ තීන්දු ගන්න. මේ ප්‍රශ්නෙට මූලික වෙන්නේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මේ වගකීම පැහැර හැරීම විජේදාස රාජපක්ෂ මන්ත්‍රීතුමා මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරා

මම මේ ලඟදි දැන් මේ වෙලාවේ රටේ ජනප්‍රියම පොතක් තියෙනවා මම මේ පොත් එලියට ආපු වෙලාවේ මේක කියවලා මම හිතුවා මමත් මේ පිළිබඳ වචනයක් සඳහන් කරන්න ඕනේ කියලා මම හිටපු ජනාධිපතිතුමාට ගරු කරනවා එතුමා එතුමාගේ ශක්ති ප්‍රමාණයෙන් උත්සාහ කරා මේ රටේ තියන ප්‍රශ්න වලට විසඳුම් හොයන්න. එතුමා අවාසනාවන්ත විදියට එතුමාට පල්ලෙන් ඉවත් වෙන්න සිද්ධ වුණා ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය කියන පොත මේ විශ්වාසභංග යෝජනාවෙන් ඒ පොතෙත් වෙනසක් නෑ ගන්ඩ දෙයකුත් නෑ. මොකද මං එහෙම කියන්නෙ මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපිට බලය ලැබුණු වෙලාවට තීන්දු ගන්න ඕනේ වෙලාවට තීන්දු තීරණ හරියාකාර නොගැනීම සම්බන්ධයෙන් පස්සේ අඬලා දොඩලා වැලපිලා කම්පා වෙලා වැඩක් නෑ

මම එක පැත්තකින් ගරු කරනවා කතානායකතුමාට මේ මොහොතේ එතුමා බය නැතුව තීන්දුවක් ගත්ත රට ආපස්සට යන්න එතුමා දෙන්නෙ නැතුව ඒ පිළිබඳව එතුමාට ස්තුති වන්ත වෙනවා මූලාසනාරූඪ මන්ත්‍රී අපිට හැමෝම සතුටු කරන්න දේශපාලනයේදී බෑ හැමෝම සතුටු කරන්ට උත්සාහ කරපු හැමෝම හැමදාම අසාර්ථක වුණා. විශේෂයෙන්ම මම හිතනවා හිටපු ජනාධිපතිතුමා ලොකු උත්සාහයක් ගත්ත හැමෝම සතුටු කරන්න එතුමා විශේෂයෙන් අවධානය යොමු කළා මුහුණු පොතේ තියෙන ප්‍රශ්න ගැටලු විසඳන්න මේකෙ තියෙන ට්‍රෙන්ඩ් එක බලන්න සුබවාදී ද අසුභවාදී ද කියලා කල්පනා කරන්න ඒ නිසා තමයි තුමාට වැරදුනේ එතුමාගේ පොතේ වැඩි හරියක්ම තියෙන්නෙ එතුමා පත් කරපු අය වැඩ කරේ නෑ අරම කරා මෙහෙම කියලත් කරා කියන කරුණු කාරණා තමයි තියෙන්නේ ඒකට වගකියන්න ඕනේ වෙන කවුරුත් නෙවෙයි මූලාසනාරූඪ මන්ත්‍රිතුමණි එතුමාමයි අපි නෙවෙයි මම මේක කියන්නේ මේ කතාවෙන් අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා.

මම මේ බොහොම ආදරය කරන ගීතයක් තියෙනවා කුමාරදාස සපුතන්ත්‍රියන් ලියපු දසිස් දිනා රුපු රජුන් නසා කියන ගීතය මේක සක්විති රජකුගේ ශෝකාලාපය මේ ගීතය මුළු ලෝකෙම දිනපු රජකෙනෙක් අවසානයේ ඇතිවෙච්ච හැඟීම කියන ගීතයක් මේ ගීතයේ අවසාන පද වැලේ තියෙනවා මගේ දෙපා ළඟ වැටී මෙසේ මම කියමි මගේ දුක මටම හඬා මගේ දෙපා ළඟ වැටී මෙසේ මම කියමි මගේ දුක මටම හඬක් නායකයෝ විදිහට හරියට වැඩ කරන්න තීන්දු තීරණ ගන්න බැරුව අවසානයේ අපි කම්පා වෙලා දුක් වෙලා අඬලා දොඩලා පලක් නෑ කියලා තමයි මම විශ්වාස කරන්නේ මේ කතාවෙන් මම ගත්තු පණිවිඩය තමයි අපිටත් මේ වෙලාවේ වගකිවයුතු තනතුරු දීලා තියෙනවා වැඩ කරන්න පුළුවන් තීන්දු තීරණ ගන්න පුළුවන් යමක් රටට කරන්න පුළුවන් අපි මේ වෙලාවේ හරියාකාරව වැඩ කරන්නේ නැතුව තීන්දු තීරණ ගන්නේ නැතුව අපි පසුවට අරයා කරා මෙයා කරා අරයා කරේ නෑ මෙයා කරේ නෑ කියලා අපිට අඬන්ඩ දොඩන්න අයිතියක් නෑ ඒක අපි තේරුම් ගන්ඩ ඕනේ