නිමල් රාජපක්ෂ
තීරුබදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වු ආරක්ෂිත ස්ටිකරය නොමැති විදේශීය මත්පැන් බෝතල් තොගයක් ලග තබා ගෙන වැඩි මිලට අලෙවි කරමින් තිබු කඩවත මංකඩ පාරේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවේ බාර් එක අද(02) රාත්‍රී 7.45 වනවිට සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් සීල් තබා ඇත.
අදාල ස්ථානය වටල අවස්ථාවේ විදේශිය මත්පැන් බෝතල් 48 ක් තිබු අතර අදාල සිද්ධිය සුරාබදු කොමසාරිිස් ජෙනරාල් උදය කුමාර පෙරේරා මහතා දැණුවත් කිරීමත් සමගින් ඒ මොහොතේම සීල් තැබීමට නියෝග කොට තිබේ.
රජයට විශාල බදු ආදායමක් අහිමි කරමින් රාත්‍රී සමාජ ශාලාවේ බාර් එකෙහි මෙම තීරු බදු නොගෙවු විදේශීය මත්පැන් ජාවාරම කාලයක් තිස්සේ කරගෙන ගොස් ඇතැයිද සුරාබදු නිලධාරීන් කල පරික්ෂාවකදි අනාවරණය වි තිබේ.
අදාල බලපත්‍ර ලාභියා සුරාබදු කොමාසාරිස් ජෙනරාල් වරයා වෙත ඉදිරිපත්කොට ඹහුගේ පෙරවැරදි සලකා බලා්ඉදිරියේදී සමථ ගාස්තු අයකිරීමට නියමිතයි
සුරාබදු කොමසාරිිස් ජෙනරාල් උදය කුමාර පෙරේරා මහතාගේ උපදෙස් මත, සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධිකාරී කේ.පී.එස් .පතිරණ මහතාගේ අධීක්ෂණය යටතේ , සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්ථානාධිපති සමන්ත ජානක මහතාගේ මෙහෙයවීමෙන් , පරීක්ෂක රණවීර,කෝප්රල් වරුන්වන තුසිත,ඉරේෂ් ,ළහිරු , රියදුරු ජගත් යන නිලධාරීහු මෙම වැටලිම සිදු කළහ.