Spread the love

💢පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ සමාරම්භක උත්සවය නරඹපු ගොඩක් අය වඩාත් උනන්දුවෙන් මේ වෙද්දි හොයන කෙනෙක් තමයි ගානිම්-අල්-මුෆ්තාහ්.

💢ඔහු මෝගන් ෆ්‍රීමන් සමඟ පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ සමාරම්භක අවස්ථාව narrate කරන්න එක් වුනු කෙනා.

💢ඔහුට වයස 15යි. ගානිම්ගේ ශරීරයේ උඩ කොටස විතරයි තියෙන්නේ . එහෙම බැලුවොත් විශේෂ අවශ්‍යතා සහිත දරුවෙක්. හැබැයි ඔහු ගැන හොයලා බැලුවම තමයි තේරෙන්නේ ඔහු ලෝකයට විශේෂයෙන් අවශ්‍ය කෙනෙක් කියලා .

💢ගානිම් කටාරයේ ජනප්‍රිය you tuber කෙනෙක්. ඔහුට ඉන්නවා instagram followers ලා මිලියනයකට වඩා.

💢ගානිම් තමයි කටාර් වල ලාබාලම ව්‍යවසායකයා. “ගාරිස්සා”ඒ තමයි ඔහුගේ අයිස් ක්‍රීම් ව්‍යාපාරයේ නම. සේවකයන් 60 ක් විතර එහි සේවය කරනවා. ශාඛා 6ක් තියෙනවා . මුලු මැද පෙරදිග පුරාම “ගාරිස්සා” අයිස් ක්‍රීම් ව්‍යාප්ත කරන්නයි ගානිම්ගේ අදහස.

💢කවදම හරි පැරාලිම්පික් යන්නත් ගානිම් දැන් ඉඳලම සූදානම් වෙනවා. ඔහු swimming , scuba diving , football , hiking , skateboarding ක්‍රීඩාවල නිරත වෙනවා.

💢මේ වෙද්දිත් ගානිම් gulf වල උසම කන්ද තරණය කරලා ඉන්නේ. එවරස්ට් තරණය ඔහුගේ අරමුණක්.

💢දේශපාලන විද්‍යාව සම්බන්ධයෙන් උපාධියක් අරගන්නත් ගානිම් අල් මුෆ්තාහ් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ කවදාහරි කටාරයේ අගමැති වෙන්න ඕන නිසා.