Spread the love

යාපනය ‌කච්චතිව් දූපතේ පිහිටි ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂිකව පැවත්වෙන දේව මංගල්ලය වෙනුවෙන් මෙවර රාමේෂ්වරන් ධීවරයින් සහභාගී නොවීමේ සූදානමක් ඇති බවට එහි ධීවරයින් පවසති.

පසුගියදා අත්අඩංගුවට පත් තමිල්නාඩු ධීවරයින් සිරගත කිරීමට ඒරෙහිව සහ එම ධීවරයින් වාහම නිදහස් කරන ලෙසටත් ඉල්ලමින් මාමේෂ්වරන් ධීවරයින් පිරිසක් සිය ධීවර කටයුතුවලින් ඉවත්ව විරෝධතාවක නිරත වූහ.

විරෝධතාවයේ නිරතවූ ධීවරයින්ට සහය දක්වමින් රාමේෂ්වරන් ධීවර වරායේ ධීවර යාත්‍රා 800 ක පමණ කලු කොඩි ප්‍රදර්ශනය කරමින් ධීවරයින් සිය විරෝධතාවය පලකොට සිටියහ.

විරෝධතාවයේ නිරත වූ ධීවරයින් වැඩිදුරටත් පවසා සිටියේ ,

‘ඉන්දීය ධීවරයින් දිගින් දිගටම ශ්‍රීලංකා නාවික හමුදාව හාවෙරලාක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට යොමු කිරීමෙන් අනතුරුව ඔවුන් බන්ධනාගාර ගත කිරීම මගින් ඒම ධීවරයින්ගේ පවුල් වෙතට දැඩි බලපෑමක් ඒල්ලවන බැවින් වහාම බන්ධනාගාරගතව සිටින සියලු ධීවරයින් නිදහස් කරන ලෙසටය.

එලෙස නිදහස් නොකරන්නේනම් ඉන්ධීය ධීවරයින් විසින් ලබන 23 සහ 24 දිනයන්හි පැවත්වෙන කච්චතිව් වාර්ෂික දේව මෙහෙය වෙනුවෙන් ඉන්දීය ධීවරයින් සහභාගී නොවන බවටත් මේ වන විටත් රාමේෂ්වරන් ධීවරයින් විසින් විසදුමක් ලැබෙනතුරු කච්චතිව් වාර්ෂික දේව මෙහෙය වෙනුවෙන් සහභාගී නොවන බවට සහතික කොට ඇති බවටත්ය.