2025 පෙබරවාරි 27 දින වෛද්‍ය සැපයුම් දෙපාර්තමේන්තුවේ Out of stock Medicines at MSD – 333 වාර්තාවට අනුව වෛද්‍ය සැපයුම් දෙපාර්තමේන්තුවේ හිඟ බෙහෙත් වර්ග 333 ක් වෙනවා. රටේ බෙහෙත් වර්ග 333 ක් ක හිඟයක් තියාගෙන කටක් ඇරලා ‘ජනතාවාදී ආණ්ඩුවක් කියන්නේ’ කියන්නේ කොහොමද? යැයි මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීණී රෝහිණී කවිරත්න මහත්මිය ප්‍රශ්න කළාය.
පාර්ලිමේන්තුව අමතමින් කවිරත්න මහත්මිය තවදුරටත් ප්‍රකාශ කළේ,
අය වැය පුරාම මේක ‘ජනතාවාදී ආණ්ඩුවක්’ කියලා කියනවා මම අහගෙන හිටියා. මේ ආණ්ඩුව රු. බිලියන 20 ක් ශ්‍රී ලංකන් එකේ ණය ගෙවන්න වෙන් කරනවා. තනිකරම ධනපති වැඩක්. ඇත්ත ජනතාවාදී ආණ්ඩුවක් නම්, මේ ශ්‍රී ලංකන් එකට වැය කරන මුදල සෞඛ්‍යට වෙන් කරලා මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය ප්‍රශ්න විසඳන්නට ඕනි.
සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිතුමා කියනවා ඖෂධ වර්ග 56 ක් විතරයි අඩු ඒවා ගේන්න මාස 9 ක් යනවා කියලා. ඒ කියන්නේ සුද්ධ සිංහලෙන් මාස 9 ක් යනකල් බඩු නෑ කියන එක. ඇත්ත කතාව තමයි, මේ යන විදිහට අද වන කොට වෛද්‍ය සැපයුම් අංශයේ නැති ඖෂධ වර්ග 333 ගේන්න මාස 9 ක් යනවා. මෙන්න මේක තමයි ඇත්ත ප්‍රශ්නය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇත්ත ප්‍රශ්නය.
මේ ආණ්ඩුවට ඖෂධ මිලදී ගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කර ගන්නට බැරිවෙලා තියෙනවා.
සාමාන්‍යයෙන් වාර්ෂික ප්‍රධාන ඖෂධ මිලදී ගැනීමේ ටෙන්ඩර 325 ක් පමණ ප්‍රධානය කළ යුතු වෙනවා. නමුත්, මේ දක්වා තිබුණ ක්‍රමවේදය අද සම්පූර්ණයෙන්ම බිඳවැටිලා තියෙනවා. මොකද, ආන්ඩුව හිතන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්න ඔක්කොටම හොරු කියලා. කිසිම වැඩක් කරන්න දෙන්නේ නෑ. වෙනදා අලුත් අවුරුද්දකට ඕනි ඖෂධ සියල්ල පෙර අවුරුද්දේ නොවැම්බර් වෙනකොට ටෙන්ඩර් කරලා සැපයුම්කරුවන් තෝරාගෙන ඉවරයි. මිලදී ගැනීම විතරයි ඉතුරු වෙන්නේ. නමුත් සැරේ ඖෂධ මිලදී ගැනීමේ මුලික කටයුතු වත් තවම ආරම්භ කරලා නෑ.
ඒ නිසා මේ ඖෂධ හිඟය 2025 සැප්තෑම්බර් දක්වා අවසන් වෙන්නේ නෑ.