Spread the love

හිටපු සෞඛ්‍ය ඇමතිවරුන්ගේ නිර්දේශයන් යටතේ මීට පෙරද ප්‍රමිතියෙන් තොර එන්නත් හා ඖෂධ ගෙන්වා ඇත්දැයි සොයා බැලීමට රහස් පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඒ අනුව දැනටමත් රාජ්‍ය ඖෂධ සංස්ථාවේ ඉහළ නිලධාරියකුගෙන් රහස් පොලිසිය විසින් ප්‍රකාශයක්ද ලබාගෙන ඇත.

එම ප්‍රකාශය පැය හතර හමාරක කාලයක් තිස්සේ ලබා ගෙන ඇති අතර ඉදිරියේදී හිටපු සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ කාලවල සිටි හිටපු ඉහළ පෙළේ නිලධාරීත්ව ද ප්‍රකාශ ලබා ගැනීමට සූදානමක් පවතී.

එහිදී අවශ්‍ය වුවහොත් හිටපු සෞඛ්‍ය ඇමතිවරුන්ගෙන් ද ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇත.