Spread the love

අවශ්‍යතාවය මත අවුරුදු 75ක් වුවද යමෙකුට රාජ්‍ය සේවයේ නියැලිය හැකි බව එ.ජා.ප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන ප්‍රකාශ කර තිබේ.

පොලිස්පතිවරයාට දෙවරක් සේවා දිගු ලබා දීම සහ වයස අවුරුදු 60 සම්පූර්ණ වූ විට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යෑමට ඇති රාජ්‍ය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විමසූ අවස්ථාවේදී ඊට ප්‍රතිචාර වශයෙන් ඔහු මෙලෙස පවසා තිබේ. තවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ද ඒ සඳහා ඉඩ සලසා ඇති බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර, ශ්‍රී ලංකා පොලිසිය තුළ ජ්‍යේෂ්ඨ නිලධාරීන් බොහෝමයක් සිටියදී සී.ඩී.වික්‍රමරත්න මහතා ධූර කාලය අවසන් වීමෙන් පසුවද දිගින් දිගටම එම තනතුරේ රඳවා ගන්නේ ඇයි දැයි මාධ්‍යවේදියෙකු විමසා තිබෙනවා.

එහිදී මන්ත්‍රීවරයා පිළිතුරු දුන්නේ 1994 වසරේදී චන්ද්‍රිකා කුමාරතුංග බලයට පත් වීමෙන් අනතුරුවද වසර පහක් සේවයෙන් ඉවත්ව සිටි පොලිස් නිලධාරියෙක් පොලිස්පති ධූරයට පත් කළ බවත් , මේ සම්බන්ධයෙන් ගැටලුවක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බවයි.