Spread the love

යුරේනි නොෂිකා කියන්නේ අපේ රටේ වර්තමාන රංගන ශිල්පිනියන් අතර ඉදිරි පෙළින් ඉන්නා ජනප්‍රිය ඒ වගේම දක්ෂ රංගන ශිල්පිනියක්. ඇයගේ රූසපුව සහ දඟකාර කම නිසාම හැමෝම ඇයට අසීමිතව ආදරේ කරනවා.

සතිඅන්තයේ රූපවාහිනී වැඩසටහන් අතර මේ දිනවල හැමෝම අතර ජනප්‍රිය වැඩසටහනක් හැටියට හිරු නාළිකාවේ විකාශය වන Happy Hour වැඩසටහන හඳුන්වාදෙන්න පුළුවන්. එම වැඩසටහන මෙහෙයවන්නේ යුරේනි නොෂිකා.

පසුගිය සතිඅන්තයේ මේ වැඩසටහනට සහභාගි වන්නේ ජනප්‍රිය රංගන ශිල්පී ධනංජය සිරිවර්ධන සහ ඔහුගේ බිරිඳ ශෂිනි සිරිවර්ධනයි.

වැඩසටහන අතරවාරයේදි විවාහය ගැන කතාබහකදි තවමත් විවාහ වන්නේ නැත්තේ ඇයිදැයි ධනංජය යුරේනිගෙන් ඇසූ පැනයකට යුරේනි නොෂිකා ලබාදුන්නෙ මේ වගේ පිළිතුරක්…

“මට විහිළුවටවත් බඳින්න ඕනේ නැහැ. මම මේ ඉන්න විදිහ හොඳයි. මම බඳින්න තියා යාළුවෙන්නෙවත් නැහැ කාත් එක්කවත්. මට මේ තනිකඩ ලයිෆ් එක හොඳයි. ඔය ඉඳලා හිටලා චූටි මල්ලි කෙනෙක්ව සයිඩ් එකෙන් තියාගෙන හිටියාම හොඳටම ඇති. මම නම් ගෙස්ට් හවුස්වලට යන්නේ නෑ ගෙදරට ගෙන්න ගන්නේ…”