Spread the love

මුලතිව් සෙම්මලෙයි ප්‍රදේශයේ නිවසක ගෙමිදුලේ බැදතිබු ඔංචිල්ලාවක සෙල්ලම් කරමින් සිටි 10 හැවිරිදි දරුවෙකු ඔංචිල්ලාවේ කඹය ගෙලෙහි සිරවීමෙන් මිය ගොස් ඇතැයි මුලතිව් පොලීසිය පවසයි.

මෙම දරුවා නිවසේ සිට සෙල්ලම් කිරීමට ගෙමිදුලට පැමිණ ඇති අතර ඒහිදී ගෙමිදුලේ පිහිටි ගසක බැද තිබූ ඔංචිල්ලාවේ හිදගනිමින් සෙල්ලම් කොට ඇත.

ඒම අවස්ථාවේදී දෙමාපියන් අසල්වැසි නිවසකට ගොස් ඇති බවට අනාවරනය වී ඇති අතර දරුවා ඔංචිල්ලාව පැදමින් සිටින අතරවාරයේ එය කැරකී දරුවාගේ ගෙල කඹයෙන් සිරවීමෙන් මෙම මරණය සිදුව ඇතැයි පරික්ෂණ සිදුකරන පොලීසිය සැක පලකරයි.

දෙමාපියන් පැමිණ දරුවා සෙවීමේදී ඔංචිල්ලාවේ සිරවී සිටිනු දැක ඒම අවස්ථාවේදීම මුලතිව් රෝහලට රැගෙන ගියද ඒ් වන විටත් දරුවා මියගොස් සිටි බවට රෝහල් වෛද්‍යවරුන් පවසා සිටියහ.

මෙලෙස මියගොස් ඇත්තේ සෙම්මලෙයි ප්‍රදේශයේ පදිංචි 10 හැවිරිදි ප්‍රසාද් දනේෂ් නැමති කුඩා දරුවෙකු වන අතර මළසිරුර මේ වන විට පශ්චාත් මරණ පරික්ණයෙන් පසුව ඤාතීන්ට භාර දී ඇත.