Spread the love

නිමල් රාජපක්ෂ –

ප්‍රවාහනයට සුදානම් කර තිබු රුපියල් ලක්ෂ තුනක් වටිනා කසිප්පු ස්ප්‍රීතු තොගයක් සමගින් ඒක සැකකරුවකු ඒකළ ප්‍රදේශයේ දි ජාඇල සුරාබදු නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් නිති විරෝධි මත්ද්‍රව්‍ය තොගයේ කසිප්පු ස්ප්‍රීතු ලීටර් 525 ක් තිබු බව ජාඇල සුරාබදු ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරික්ෂක කලා රසික විජේසිංහ මහතා පවසයි.
සුරාබදු නිලධාරීන් ඒකල ප්‍රදේශයට යන අවස්ථාවේ සැකකරුවන් කොළඹ ප්‍රදේශයට බෙදා හැරීම සදහා මත්පැන් තොගය වාහනයක් එනතුරු පොලිතින් උරවලට දමා සුදානම් කර තිබු බවද පැවසුවේය.
අත්අඩංගුවට ගත් සැකකරු අද(14) වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
සහකාර සුරාබදු කොමසාරිස් රොෂාන් පෙරේරා මහතාගේ උපදෙස් මත , ජාඇල සුරාබදු අධිකාරී ප්‍රිමේෂ් ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීමෙන් , ජාඇල සුරාබදු ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරික්ෂක කලා රසික විජේසිංහ මහතා අධීක්ෂණය යටතේ ,සුරාබදු පරික්ෂකවරුන්වන සුදර්ෂන්, වීරසිංහ, සැරයන්වරුන් වන කුමාරසිරි, ලොකුපිටිය, නජිත්සිං, කෝප්‍රල් වරුන්වන ජයතිලක , ප්‍රනාන්දු, දිසානායක ,රොද්‍රගු, රණසිංහ, කුමාර, නියාමකවරුන්වන ඉදුරුගල්ල , බණ්ඩාර, රුවන්පුර, ජයමාල් ,පාරමී යන නිලධාරීහු මෙම වැටලිම සිදු කළහ.