Spread the love

වෙළෙඳපොලේ එළවඵ මිල ගණන් පසුගිය සතියට සාපේක්ෂව 70% කින් පමණ ඉහළ ගොස් ඇතිබව වෙළෙන්දෝ පවසයි. රසායනික පොහොර හා කෘමි නාශක නොමැතිවීමේ ප්‍රතිඵලයක් ලෙස අස්වැන්න අඩුවීම එළවඵ මිල ඉහළ යාමට එක් හේතුව වී තිබේ.

අධික වර්ෂාව හේතුවෙන් වගාව විනාශවීම ඉන්ධන නොමැතිවීම හේතුවෙන් එළවඵ ප්‍රවාහනයට බාධා පැමිණීම ද තවත් හේතුවක් වී ඇතිබව වෙළෙන්දෝ පවසයි.

මේ අතර එළවඵ මිලදී ගැනීම සදහා මැනිං වෙළෙඳපොලට පැමිණෙන තොග වෙළෙදුන්ගේ හා සිල්ලර පාරිභෝගිකයන්ගේ විශාල අඩුවක් ඇතිබව මැනිං පොදු වෙළෙඳ සංගමය සදහන් කරයි.